Sampathge Sampath Ch. 03 (සිංහල)

Story Info
Payback - වන්දිය
21.9k words
3.93
19.8k
0

Part 3 of the 3 part series

Updated 06/08/2023
Created 06/29/2016
Share this Story

Font Size

Default Font Size

Font Spacing

Default Font Spacing

Font Face

Default Font Face

Reading Theme

Default Theme (White)
You need to Log In or Sign Up to have your customization saved in your Literotica profile.
PUBLIC BETA

Note: You can change font size, font face, and turn on dark mode by clicking the "A" icon tab in the Story Info Box.

You can temporarily switch back to a Classic Literotica® experience during our ongoing public Beta testing. Please consider leaving feedback on issues you experience or suggest improvements.

Click here

සම්පත්ගෙ සම්පත් 3 - වන්දිය

"නංගී" සම්පත්, අතිශයින්ම සැපවත් කාම සම්භෝගයකින් අනතුරුව තම පපුව මත හිස තබා විඩාහරින නැගණිය ඇමතුවේය.

"ඇයි අයියා?" ඈ හිස නො ඔසොවාම පිලිවිසුවාය.

ඒ සෙනසුරාදා රාත්රියකි. එදින රෑ එරන්දි නිවසේ නොවූවාය. ඇගේ මව තරමක් අසනීපතත්වයකින් සිටිහෙයින් සියලුදෙනාම දහවල් ඈ බලන්නට ගියෝය. මව දුර්වලව සිටිහෙයින් එදින රාත්රීයේ මවට උපස්ථාන කිරීම පිනිස නැවතීමට එරන්දි තීරණය කලාය. සම්පත් හා රුචිරා ඈ සමගම නවතින්නට හැදුවත් එයට ඉඩ නොදුන් එරන්දි ඔවුන්ව ආපසු නිවස වෙත එව්වාය.

"අයියා නගෝ දෙන්නත් ආස ඇතිනෙ දවසක් දෙකක් මං නැතුව ඉන්න" දෙදෙනා ආපසු පිටත්වෙන විට ඈ සිනාසෙමින් ඔවුනට කොඳුලාය.

"කිසිම ගෑණියෙක් නොකරන දෙයක් නංගි එරන්දි කලේ. තමන්ගෙ මනුස්සයගෙ අසාව ඉශ්ට කරන්න කවුද නංගි ඔහොම කරන්නේ? කිසි කහටක් නැතුව ඔයාව අපේ ඇඳට ගන්න ප්ලෑන් කලානේ"

"ඒකනම් ඇත්ත අයියා. නැතිනම් ඉතින් කොයිකාලෙක මං මේ සැප ලබන්නද?" නෑනා ගැන තවතවත් උත්සන්නවූ සෙනෙහසින් බරව රුචිරා මහත් සොම්නසින් පැවසුවාය. "අක්කව හැමදාම සතුටෙන් තියන්න අයියා"

"ඒක තමයි නංගි මාත් හිතුවෙ"

"ඇයි අයියා? මොකක් හරි අවුලක්ද?"

"නෑ! නෑ!! නංගි, අවුලක් නෙමෙයි." ඔහු සෙමෙන් හුස්මක් ඇද පපුව පුරවාගත්තේය. "මං මේ කියන්න හැදුවෙ නංගි, එයා අපිට මෙච්චර දෙයක් කරපු එකේ, අපිත් එයා වෙනුවෙන් මොනාහරි කරන්න එපායැ? නේද නංගි?"

"ම්ම්ම්ම්... ඒකත් ඇත්ත. ඉතින් මොකද්ද අයියා අපි කරන්නේ?"

"එයාටත් තවකෙනෙකුගෙන් සතුටු වෙන්න චාන්ස් එකක් අරන් දෙන්න ඕන"

"අක්ක කැමති වෙයිද අයියා?"

"අකමැතිවෙන එකක් නෑ මයෙහිතේ. මං වටින් ගොඩින් මුට්ටිය දාලා බැලුවා"

"අක්කාගෙන්නම් ඉතින් කෙලින්ම අහන්නත් පුලුවන් අයියට"

"මොනවා වුණත් ගැණුනේ නංගි. සමහර දේවල්වලට කෙලින් හා කියන්නේ නෑ"

"අප්පේ.... අයියා පැහිලා තියෙන තරම්?"

"හා? මං බොරුද කිව්වෙ?"

"නෑ! නෑ!! ඇත්ත, ඇත්ත.." අනතුරුව ඈ මදක් සිතුවාය. "අක්ක එක්ක ගෑණු ගෑණු ටෝක් එකක් දැම්මනම් හරියටම දැනගන්න පුලුවන්"

"අප්පේ මුං නම්...."

"එහෙම තමයි අයියා"

"ඔව් ඉතින් පිරිමි වුණත් එහෙමනේ"

"ඊයා.. ඔයා අපේ දේවල් වෙන පිරිමි එක්ක කියනවද?"

"හපෝ නෑ! නෑ!! මෙව්වනම් කියන්නේ නෑ! මලකෙළියක් වෙන්නේ"

"මොනවා වුණත් පරිස්සමෙන් අයියා. වෙන පිරිමි පැටලිලා ජීවිතත් එක්කම අවුල් වෙන්න පුලුවන්. පිරිමි ලොකුකමට අතිනුත් දාලා කියනවනේ වෙන උන් එක්ක."

"ඒක තමා නංගි ලොකුම ප්රශ්නේ"

ශහ්..! මං බැඳලාවත් හිටියනම් මගෙ මිනිහා දෙන්න තිබ්බා" රුචිරා සුසුමක් හෙලමින් කිව්වාය. "මං බැන්ඳ කාලේක හබියව නම් මං අනිවා දෙනවා අක්කට"

"කවුද දන්නෙ ඔයාගෙ හස්බන්ඩ් මොනවගේ කෙනෙක් වෙයිද කියලා?"

"මං බඳිනවා නම් බඳින්නෙ අයියා වගේ කෙනෙක්ව"

"ආ ...! එහෙනම් නංගි වගේ නංගි කෙනෙක් ඉන්න කෙනෙක්ව හොයන්න වෙනව"

"අප්පේ... මෙයත් හදන්නෙ හකුරු හදන අස්සෙම තෙලිජ්ජ වඩියක් බාගන්න"

"නෑ මං කිව්වෙ ඉතින් මං වගේ අයියා කෙනෙක් වෙන්න නම් නංගියෙකුත් ඉන්න එපායැ?"

"අයියා..? " ඈ හිස ඔසවා ඔහු දෙස බැලුවාය. "එරන්දි අක්කගෙ අයියා කොහොමද?"

"ජගත්ද? මං ඒ ගැන හිතුවා නංගි. මිනිහා ටිකක් එක විදියක්. ට්රයි කරන්න ගිහින් වැඩේ ගැස්සුනොත් ඔක්කොම සුන්. එයාගෙ වයිෆුත් හෙන සුචරිතවාදීනේ"

"ඒ අක්කව නැතුව අයියව විතරක් බලමු?"

"එයාත් හිටියානම් තමා ඉතිං එරන්දිට අපේ විදියටම කලගුණ සැලකුවා වෙන්නේ"

"හහ් හා..! මට නම් පේන්නෙ මෙයාටත් එයාගේ කකුල් අස්සෙ බඩගාන්න හිතිලද කොහෙද?"

"එව්වා නම් හිතිලා ගොඩක් කල්. ටිකක් මහත් වුණාට ලස්සන ඇඟ"

"අම්මෝ තව කොච්චර එවා හොරෙන් බලනවද දන්නේ නෑ. බලාගෙන ඔව්ව කරන්නෙ"

"එක්කෙනෙක්ගෙ තන් හොරෙන් බලන්න ගිහින් වෙච්ච හරිය පේනවනෙ"

"ඔව්, ඔව්, වෙනකෙනෙක් නම් බලාගන්න තිබ්බා ඩිවොස් කේස් එකක්"

"ඒකනෙ නංගි අපි එරන්දි ට සලකන්න ඕන"

"අක්කත් ආවම අපි කතා වෙලා ප්ලෑනක් ගහමු . අක්ක තමා දක්ෂත් ඔව්වට හොඳම විදියක් හොයාගන්න"

"හෙහ් හෙහ්...., නංගි එහෙනම් හෙමින් එරන්දිගෙන් අහලා බලනවද?"

"ලෙහන්න තියන මල්ල ආයේ මොකටෙයි අයියා ඔබ ඔබ බලන්නෙ. අපි තුන්දෙනා ඇඳේ ඉන්දෙද්දිම කෙලින්ම කතාවට බහිමු"

"ඔව් එහෙම හොඳයි" පවසමින් සම්පත් දෑතින්ම නැගණියගේ පුක මිරිකුවේය.

"ඌ....යි..!"

"හප්පෝ... රිදුනා වගේ බෙරිහන් දෙන්නේ..."

"ආසයි අයියා.."

බිරිඳ නැති පළමු හුදෙකලා රාත්රියෙහි සම්පත් දෙවන වරටද තම ගල්ඉන්න නැගණියගේ හුත්තේ තද කිරීම පිණිස වැඩ ආරම්භ කලේය.

***

"නංගිගේ ෆස්ට් ඉය එක්සෑම් එකත් ලඟයි නේද?" දෙවන සැසියෙන් පසුව යමක් මතක් වීමෙන් සම්පත් පිළිවිසුවේය.

"ඔව් අයියා, තව මාසයක්වත් නෑ!"

"එහෙනම් එක්සෑම් එකෙන් පස්සෙම අර වැඩේට බහිමු." බැරෑරුම් මුහුණක් පාමින් ඔහු පැවසීය. "නැතිනම් වැඩේ ගැස්සිලා රෝන්ග් ට්රැක් ගියොත් ඔයාට හරියට විභාගේ කරගන්න බැරිවයයි"

"හරිගියත් ඉතින් කරදර වෙයි ඉතිං" වලත්ත සිනාවක් කෙල්ලගේ මුහුණට නැගින.

"එතකොට අපි ඔයාව නිදහස් කරනවා" සොයුරා සරදම් සිනාවක් පෑවේය. "එරන්දිගෙ නෑණා ඉඳියිනෙ වැඩ බලන්න"

"එව්වා කොහෙද?" රුචිරා රැව්වාය.

"මං පේපර් වලට යන්නෙත් උදේම මේකෙන් වැඩ අල්ලලා" අනතුරුව ආදරණීය වදන් පෙළත් සමගම ඇගේ සුසිනිඳු අතට ඔහුගේ චන්ඩි බන්ඩියා මැදිවිය.

"යකෝ.! මේකිගෙ තියෙන වල්කම දැං..."

"වල්කම නෙමෙයි අයියා" ඈ ආදරයෙන් ඔහුට තුරුල්වෙමින් පැවසුවාය. "උදෙන්ම හුකලා ගියාම දවසම හරි ප්රබෝධමත්"

"එකනම් ඇත්ත"

"අයියට හදිස්සි නැතිනම් එක්සෑම් ඉවර වෙනකම් ඉම්මු" නගා ඇසක් ගැසීය.

"දැන් නම් ඉතින් මොන හදිස්සියක්ද, පණ යන්නම ඩබල් ඩියුටිනෙ?"

"හැබෑද?" රුචිරා තොල් අඹරමින් පැවසීය. "ඒ බවක් නම් පේන්න නෑ. වැඩට ගිහින් ඔෆිස් එකෙත් කෙල්ලෙකුට නෙලනවද දන්නෙ නෑ මෙයා.."

"කෙල්ලෙක් " සම්පත්ගේ ලොකුකරගත් ඇස් ඈ වෙත එල්ලවිය. "එකක් ඇයි? දෙක තුනක් ම හොඳ නැද්ද?"

"හොඳා.., හොඳා..., මොකෝ නරක" නැගණිය රවමින් කිව්වාය. "කැම්පස් එකෙත් කොල්ලො ඉන්නවා ඕන තරම්"

"ආ...! පිස්සු කෙලින්න එපා"

"හරි, හරි, බය නැතුව ඉන්න අයියා. ඔයාගෙ නංගි වරදට පෙලඹෙන්නෙ නෑ..!"

අනතුරුව එහි අරුත වැටහීමෙන් දෙදෙනාම කොක්හඬලා සිනාසෙන්නට වූහ.

"අයියත් එහෙමයි" සිනහව හීනවීයමින් යන්තමින් හුස්ම ගත හැකිවන විටම සම්පත් පැවසීයෙන් පලාතම කම්පනය කරමින් දෙදෙනා යලි කැකිරි පලන්නට වූහ.

"අක්කට මේ ගැන දැම්ම කියනවද?"

"ඕන නෑ. වැඩේට බහින්න බලාගෙනම කියමු"

"හා..."

*************

"හප්පා කෙල්ල ලස්සන වෙලා බොල" නිවාඩුවේ අවසාන සෙනසුරාදා හවස යලි කොළඹ පැමිණි රුචිරා ගෙට ගොඩවදිනකොටම එරන්දි පැවසුවාය. "ගමේ හුලං වැදිලද කොහෙද?"

"වත්තෙ හුලං තමා ඉතිං.." රුචිරා ගමන් මල්ල පසෙකට හෙලා නෑණාව වැලඳ ගත්තාය.

"හ්ම්ම්, හ්ම්ම් අපේ මාමණ්ඩි හොඳට හුලං ගහන්න ඇති හේනං" තෙත දෑත් තම ගවුම දෙපස අතුල්ලා වියලාගත් එරන්දි නෑණාව වැලඳගත්තාය.

"ඔයත් කරන වැඩ අම්මපා ඉතිං..."

"එවා නම් ඔන්න මගෙ වැඩ නෙමෙයි."

"නැතිනම්?" පුදුමයට පත් රුචිරා උඩුකය ඇගෙන් ඈත්කර ඇසුවාය. "ඔයානෙ කෝල් කරලා තාත්තා ගැන මගෙ ඔලුවට දැම්මේ."

"එව්වා ඔක්කොම ඔයාගෙ අම්මගෙ ප්ලෑන් නංගි" මහ හඬින් සිනාසෙමින් එරන්දි පිළිතුරු දුන්නාය.

"අහ් ඒකත් එහෙමද?"

"නැතුව ආයේ....., පුතා මෙහෙ ඇන්නා විතරයි මගෙ මිනිහ පවු, මගෙ මිනිහ පවු කියලා ප්ලෑන ගැහුවේ අප්පා ලව්වා දෝණියැන්දට කොටවන්න"

"මේ අක්කා.. , ඔයා කොහොමද අම්මව සෙට් කලේ අයියට? මට දැනගන්නකම් ඉවසුමක් නැතුව හිටියේ. ෆෝන් වලින් කතා කරන්න බැරි හින්දා ඉවසන් උන්නා"

"මොනාද ඉතින්, කෑදරයා අම්මගෙ තන් දිහාත් මලපපෙරේත බැල්ම හෙලන්න ගත්තා ඕසෙට. ඉතින් මං වැඩේ කරලා දුන්නා"

"ඔක්කොම විස්තර කියන්නකෝ අක්කා, මට ඉවසිල්ලක් නෑ දැනගන්නකම්"

"හෙමින් කියන්නම්කො ඔක්කොම රෑට අය්යත් එක්කම ඇඳේදි"එරන්දි ඉඟිමැරුවාය. "අපිටත් ඉතින් අහගන්න තියෙනවානෙ විස්තර ගොඩක්. හිච්චි ගැන එහෙමත්"

"කෝ අයියා?" හිස වනමින් ගමේ කෙල්ල ඇසුවාය.

"ඔන්න නගාට ස්පේශල් කන්න දෙන්න ඕන කියලා පීසා ගේන්න කියලා ගියා. "

"පිස්සුනේ එයාටත්, ඉඳලා ඉඳලා එන වෙලාවේ බලන්න ඉන්නෙ නැතුව විකාර වැඩ කරනවා. මං අක්කගෙ බත් කටක් කන්න බලාගෙන ආවේ"

"එව්වා ඉතින් හෙට බැරියැ. අද ඉතින් අයියව කන්න තියෙනවනේ"

"එවා ඉතින් කොහොමත් කන එකනෙ"

"නංගි එන හින්දා මං දවස් දෙකක් තිස්සෙ දුන්නේ නෑ මෑන්ට, අවුස්ස අවුස්ස තිබ්බා. මෝල් වෙලා ඇත්තෙ නැට්ටට"

"පව් අප්පා" රුචිරා නෑණාව ආදරයෙන් තව තදකොට බදාගත්තාය. "ඔයත් පව්"

"මෙයාට නම් තාත්තා අන්තිම ලොඩ් එකත් පටවලා එවන්න ඇති ඉතින්"

"මොන..., පාන්දර වෙද්දි යන්න බඩු නැ එයාට. රෑ එළිවෙනකම් ඇහැපියෙව්වෙ නෑ."

"එහෙනම් නංගිට අද දොයියන්න වෙයි වගේ"

"පිස්සුද අක්කා, බස් එකේ නිදාගත්තා හොඳට. කොළඹ එනකම්ම දන්නෙත් නෑ. ලඟ උන්න නාකියා සැප අරං තිබ්බා හිතේ හැටියට මයෙහිතේ. මට නිකං ලාවට වගේ මතකයි සැරයක් දෙකක්."

"ආව් අම්මා, මෙයාට නින්දෙනුත් සැප"

රුචිරාහට සොයුරාට තුරුල්ව නිදාගත් පලමු රැය මතක්විය.

******

"අයියෝඕඕඕ...ව්ව්ව්!! අයියාආආආ....." එදින රාත්රියේ සොයුරා හා මව එකතු කල කාමුක කතාව දෙදෙනා රස කර පවසද්දී, එය අසමින් රති වියරුවෙන් වියරුවට පත්ව සොයුරාගෙ පොල්ලෙන් බැටකකා වරින් වර දිය පහකල රුචිරා ගේ පලමු වටයේ අවසාන සුරතාන්තය ඈ මර හඬ තලමින් සලකුණු කලාය. බොහෝ දිනකින් පසුව අපූර්ව ආදරවන්තයින් තිදෙනා එකතුවූ බැවින්, බොහෝ පිපාසයෙන් පෙළුනු සතුන් රැලක් තරඟෙට කුඩා වලකින් දිය බොන්නාසේ තෙකොන් මෙවුන්දම ඇදී ගියෙන් ඉතුරු කතා පසුදිනට කල් තැබිණ.

පසුදින රැයෙහිද ඔවුනට කතාකල හැකිවූයේ රුචිරා හා පියාගේ මුල් දිනය ගැන පමණකි. කතාව අවසන් වෙනකොට තිදෙනාම රති උන්මාදයෙන් උන්මාදයට පත්ව හුකා ගත්හ.

පියා හා අනුලාගේ එනම් හිච්චි නැන්දාගේ සම්භෝගය ඇරඹුණ තැනට කථාව එනකොට රාත්රී කීපයක්ම ගෙවී තිබිණ. එතැන් සිට දින කීපයක් තිස්සේ, අනුලාගේ දුව මිහිරිද පවුල් රමණ රුක් සටහනේ ඉත්තක් බවට පත්වෙන තෙක් යම් යම් කොටස් රඟදැක්වෙමින්ම කතාව ඇදී ගියේය.

"මිහිරි නංගි තාම ඉස්කෝලෙ යනවා නේද?" එදින කතාව අවසානයේ වේගයන් තම රහසඟ බිරිඳ තුලට ඔබමින් නැගණියගේ යෝනිය අතැඟිලි වලින් දියබත් කරමින් සිටි සම්පත් විමසුවේය.

"ඔව්, ඕලෙවල්නෙ තාම"

"ගමේ ගියාම නැන්දවයි, ඒකිවයි බලන්න යන්න ඕන"

"ඇත්තට? බලන්නමද යන්නේ" කෙල්ලන් දෙදෙනාම එකවර ඇසුවෝය.

"ඔය ඉතින් ඉරිසියා කරන්න එපා"

"වැඩේමයි" එරන්දි සරදම් කලාය. "ඕලෙවල් ලියලා ඉවර වුණාම ඕන නම් කෙල්ලව මාසයක් දෙකක් මෙහෙ ගෙනත් තියාගමු"

"ඔයා නම් මාර බඩුවක් අක්කා"

*******

තවත් සුන්දර සති කීපයක් ගතවිය. තිදෙනා ලද අලුත් අත්දැකිම්වල මතකයන් පොහොර වෙමින් තෙකොන් රමණයන් සරු සරුවට පල ගත්තේය. සම්පත් නැති ඇතැම් අවස්ථාවල දෙනෑණලා අතර අප්ප කෙළිද ක්රමයෙන් වර්ධනය විය. කාමුක ලියන් දෙපල අතර අසම්මත ආදරයක් ද දෙදෙනා නොදැනුවත්වම සෙමෙන් ලියලා වැඩෙමින් පැවතිණ. දෙදෙනාගෙ සමලිංගික සම්භයෝගයන් දින දින වඩවඩා කාමුකද, ආදරණියද වුණු අතර, එය ඔවුන් දෙපල සම්පත් සමග එක්ව රමණයේ යෙදෙද්දී ද බලපෑවේය. එයින් කතුන් දෙදෙනාම වැඩි සතුටක් අත්කර ගැනීමට වාසනාවන්ත විය.

"තාත්ත මේ පැත්තෙ දැම්ම එන පාටක් නෑ නේද නංගි?" සතිඅන්තයක උදයක සම්පත් නැගණියගෙන් ඇසුවේය. "කලින් එන්න තිබ්බ තදියම දැන් නෑ වාගේ"

"හ්ම්ම්..., ඉවරයක් නැතුව ඇති අර ඩබල එක්ක."

"අම්ම තනි වෙයිද මංදා ඒකෙන්"

"එහෙම වෙන එකක් නෑ. තාත්තා දැං කොල්ලා වගේ වෙලා"

"හිහ්, හිහ්. ලපටි කෑලිවලට බහිනකොට ඉබේම තරුණ වෙනවා ඇති"

"ඔව්, ඔව්, යකා වගේ වැඩ දැං"

"අම්මා මොකද හිතන්නේ නංගි, ඒ ගැන"

"ඒයාට අවුලක් නෑ. ආසයිලු. අපි දෙන්නා කොළඹ ඉන්න හැටි මැවෙනවාලු එව්වා දකිනකොට."

"ඒත් අම්මා පවු"

"ඔව් මං අම්මා එක්ක මේවා ගැන කතා කලා"

"ඉතිං?"

"අම්ම ඉතින් ටිකක් දුකෙන් ඉන්නෙ එයාට අයියලා නැති නිසා"

"හ්ම්ම්"

"ඉතින් මන් කිව්වා පොඩි මාමලා දෙන්නා ඉන්නේ, එක්කෙනෙක් හරි දෙන්නවම හරි දැලේ දාගන්න කියලා"

"අහ් ඇත්තනේ! අයියා මොකෝ? මල්ලි මොකෝ?" සම්පත් උද්දාමයට පත්විය. " ඉතිං අම්මා මොකද කිව්වේ?"

"මගෙ මූණ දිහා කන්න වගේ බලන්න උන්නා. ඉන් පස්සෙ කල්පනා කර කර ඔලුව වැනුවා ඒ ගැන හිතන්න ඕන කියනවා වගේ"

"ඉතින් අම්මා මාමා කෙනෙකුට කතා කලැයි?"

"මං එන්න කලින්නම් මොකුත් වුනේ නෑ"

"අයියෝ..!" සම්පත් යලි දුක්බර විය. "ඔයාට එකක් සෙට් කරලම එන්න තිබ්බේ"

"එච්චර කාලයක් තිබ්බෙ නෑනෙ අයියා"

"හ්ම්ම්, මොකුත් කිව්වෙත් නැද්ද අම්මා ඉන්පස්සේ?"

"ඊයෙ පෙරෙදා දවසක මං ඇහුවා අම්මගෙන්. බර ප්ලෑනක් ගහගෙන යනවා කිව්වා. මට පේන්නෙ මල්ලිලා දෙන්නවම එකපාර අල්ලගන්නවගේ යන්නේ"

"අම්මට හිකෙයි.!!! ඈ,? මයෙ අම්මෝ අපෙ අම්මනම්"

"අපේම අම්මනෙ අයියා"

"ඒක හැබැයි" සොයුරාගේ ඔලුව ඉහල පහල වැණුනේය. "ඉතින් තව මොනවද කිව්වෙ?"

"ෆෝන් වලින් වැඩි විස්තර කතා කරන්න හොඳ නෑනේ. ඒ නිසා මං වැඩිය එතැනින් එහා අහන්න ගියේ නෑ. අම්මා කිව්වෙත් වහෙන් ඔරෝවෙන්, වෙන කෙනෙකුට ඇහුනත් තේරෙන්නෙ නැති වෙන්න"

"ඔව් අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕන" වැඩිමලාගේ මුහුණ බැරෑරුම් බවක් පෙන්විය. "දන්නවනෙ මේ සමාජේ මේවගේ දේවල් දිහා බලන්නෙ කොහොමද කියලා"

"ඔව් අයියා" රුචිරා හිස සැලුවාය. "වෙන කවුරුත් මොකටද? අපි දෙන්නා වුණත් පැටලෙන්න කලින් වෙන කාගෙහරි මේ වගේ පලහිලව්වක් දැනගත්තනම් හිතන්නෙ කොහොමද?"

"මට නම් එච්චර අවුලක් නැ"

"ඔව් ඉතින් පිරිමි ඔයාලාට නම් මොකද්ද?" නැගණියගෙ කතාවිලාශය තරහගිය ස්වරූපයකට පෙරලිනි. "අරක ඔබාගන්න තියෙනවා නම් මීගුලක් හරි කමක් නෑ, වදපු අම්මට හරි හුකයි"

"ඇයි යකෝ, මං අම්මටත් හිකුවනෙ ගෑණියේ"

"හී, හී, හී" ලලනා කොක්හඬ නිවස පුරා පැතිරී ගියේය. "ඇත්තට ඒකත් අමතක වුණානේ"

"අසයි හලෝ බලන්න"

"මොනවද?" කෙල්ල හැට්ටෙ කර වසා ගත්තාය.

"අම්ම මාමාල එක්ක කරන එවා"

"හ්ම්ම්ම්" යුවතිය හිස ගස්සා වල්ලභ සොයුරා දෙස බැලුවාය. "මටත් ආස හිතුනා හලෝ"

"බලන්නද?"

"නෑ හලෝ" ඈ හට සිහින් සිනාවක් නැගිණ. "ඔයයි තාත්තයි මැද්දෙ ඉන්න"

"හ්ම්ම්" ඔහුගේ හිස වැනුනේය. "තාත්තා කොළඹ ආවනම් නෑණලා දෙන්නටම සැන්විච් පාරක් දෙන්න තිබ්බා"

"සැන්විච්?" කැම්පස් කෙල්ල මොහොතකට ටියුබ් ලයිට් විය. "ආ.. හරි හරි"

"එනවා ඉතින් තනි පෙත්තටවත් බටර් ගාන්න"

"ඉන්නවකො ඉවසලා අනික් පෙත්ත ගෙදර එනකම්" සොයුරාට වචනයෙන් විරුද්ධ වූ නැගණිය ඔහුට තුරුලුවුණාය.

"අද ඉතින් හුඟක් හවස් වෙයි. අම්මට බේත් අරං දීලානෙ එනවා කිව්වෙ"

"අයියා?" යමක් කල්පනාවූ කෙල්ල හිස ඔසවා සොයුරාගේ මුහුණ දෙස බැලුවාය. "ඒක නෙමෙයි"

"ඔව් නංගි?"

"අක්කා ගැන මොකද කරන්නේ දැං?"

"එක තමයි මාත් කල්පනා කලේ. තාත්තා එයි කියලා බලා උන්නෙ මෙච්චර දවස්"

"අක්කගෙ අයියා ගැනවත් බලමුද ඉතිං?"

"ඔව් ජගත් අයියට ලණුවක් අඹරන්න වෙයි"

"එහෙනම් අද රෑ කතා කරමු අක්කා එක්ක" හැඩිදැඩි පුරුෂ අත් තම සුවිසල් මෘදු දෙතනෙහි කිරි දොවද්දී සිනිදු ලලනා යුගත් සොයුරු බඳ වටා එතුනේය.

"ඔව්' සහෝදර යුවලගෙ මුහුණ ලංවිය. "අරයකා එක විදියක්. නැතිනම් කෙලිම හරි කතා කරන්න තිබ්බා"

එකම තන් යුවලකින් කිරි උරා බිව් මුව දෙපල යාවී එකිනෙක උරාගන්නට වූයෙන් තවත් සංවාදය ගෙනයෑමට කිසිවෙකුටත් ඉඩක් නොමවිය.

******

"අපේ අයියා?" මවිතය පිරිණු එරන්දිගේ කටහඬ උස්ව නැගිනි. "ඔයාලට පිස්සුද මෝඩයෝ? දන්නවනෙ එයාගෙ හැටි. අන්තිමට අපිට ඉන්න හිටින්නත් නැතිවෙයි"

"ඔව් අක්ක. ඒ වුණාට අපිට අපි ගැනම විතරක් හිතලා ඉන්න බෑනේ එහෙම" රුචිරාගේ කටහඩ ශෝකාකූල බවක් දැනවිය.

"මට අවුලක් නෑ නංගි" වැඩිහිටි යුවතිය දඟකාර කෙස් රැල්ලක් අතකින් තැනුවාය. "ඔයාලගෙ තාත්තා එනකම් ඉමු"

"තාත්තා දැම්ම කොළඹ එන පාටක් පේන්න නෑ. ආවත් වැඩි දවසක් මෙහෙ ඉන්න බැරිවෙයි උන්දැට." බාල නෑණාගෙ මුවඟ සිනාවක් මතුවිය. "නැන්දයි මිහිරියි එයාට හුස්මගන්නවත් දෙන්නෙ නෑ වගේ"

"ඔව් ඉතින් තාත්තත් වල් නැතැ මුන්දැ වගේම නංගිට ගහන්න" එරන්දි සැමියාව තල්ලු කලාය. "මං ඉතිං පිට ගෑණිනේ"

"ඒකනෙ අපි ඔයාටත් ඔයාගේම අයියවම සෙට් කරන්න ට්රයි කරන්නෙ" සම්පත් තුරුම්පුව අහුලා ගත්ත්තේය. "ඔයා තමයි ඕවට ගෑණි. විදියක් බලනවකො"

"මේ තියෙන රෙද්දත් නැතිකරගන්නද මෝඩයෝ දෙන්නට ඕන?"

"අපි ඒක වැඩි දියුණු කරගමු"

"වැඩිදියුණුම වෙයි මෝඩයෝ ඔක්කොම ගැස්සුනාම" එකවරම එරන්දිගේ මුහුණ වෙනස්විය. "ඈ හලෝ, මේ ඔයාටත් නයනා අක්කට බස්සන්න හිතිලා නේද?"

"නෑ හලෝ" සැමියා තවත් තුරුම්පුවක් සැනෙන් ඇහුලුවේය. "හරි, එහෙම හිතලවත් වැඩේට බහිමුකෝ. මට ඒක කරලා දෙනවකො"

"හපෝ ඒක ගිණි බෝම්ම්බයක්"

"ඒ වුණාට විදියක් ප්ලෑන් කරන්න ඔයාට බැරිවෙන්න බෑ. ඔයානෙ අපිට වඩා ඒ දෙන්නා ගැන දන්නේ"

"හ්ම්ම්ම්" තුරුණු බිරිඳ කල්පනාබරිත වූවාය. "ඔන්න මං එහෙම වග කියන්නෙ නෑ වැඩේ ගැස්සුනොත්"

"හරි අක්කා අපි වගකීම ගන්නම්"

"බලමු" එරන්දි තවත් කල්පනා කලාය. "ලේසි වෙන එකක් නෑ. දෙන්නව අවුස්සලානම් වැඩේ කරගන්න බැරිවෙයි. ඒ පැත්තෙන් නම් අන්ද ගන්න බැරිවෙයි දෙන්නගෙන් එක්කෙනෙක්වත්"

"ඔය බුද්ධිමත් මොලේ පොඩ්ඩක් වෙහෙසලා බලන්නකෝ පොටක් පාදගන්න"

"ම්ම්ම්" මද වෙලාවක් තිස්සේ රුචිරා දෙස එක එල්ලේ බලාගෙන සිටි එරන්දි සම්පත් වෙත නෙත් හෙලා පවසන්නට විය. "එක විදියක් නම් පේනවා පේනවා වගේ, හැබැයි ඒකත් එතරම් ලේසි වෙන එකක් නෑ"

"කියන්නකො බලන්න" සැමියා බිරිඳට දිරි දුන්නේය. "අපි කොහොම හරි කරමු. නේද නංගි?"

"ඔව් අයියා"

මොහොතකට පසු යුගල ඇඳමත නිරුවත් තෙපල, තුන් මුලු සංවාදයක නිරතවනු දක්නට ලැබුණ. තිදෙනා එක්ව ක්රියා කලයුතු ආකාරය ඔවූහු සාකච්ඡා කලෝය. සැබැවින්ම නම් වඩා සිදුවූයේ සොඳුරු බිරිඳ අයියා නගෝ දෙපලට උපදෙස් දීමය.

*****

"අම්මෝ දෙන්නව දැක්ක කල්..." ජගත් නැගණියගේ පවුල පිලිගැනීමට දොර පඩි බැස්සේය. "ඇති යන්තම් එන්න හිතුණා"

"එන්න නම් හිතෙනවා කොච්චරවත්. කොහෙද ඉතින් වෙලාවක්" කලකින් දුටු නිසාදෝ නැගණියගේ උරහිස් මතට දෑත බරකල තම සොයුරා දෙසට ලංවෙමින් එරන්දි පැවසුවාය.

"අපෝ මේ දෙන්නට තියෙනවැඩ රාජකාරි කාටවත් නැතුව ඇති. කොහෙද ඉතින් අපිට වගේ තව දෙන්නෙකුත් හිටියානම්?"

"අප්පා! හරියට ඔයා කට්ටියම එක්ක නිතර එහෙ ආවා වගේ නේ කියන්නේ ඒ දෙන්නත් කරගහගෙන"

"යං මල්ලි ගෙට" තම නංගිගේ කට ගැන දත් ජගත් කතාව වෙනතකට හැරවීය. "එන්න නංගි, කොහොමද ඔයාගේ කැම්පස් ජීවිතේ?"

"අවුලක් නෑ අයියා. දැං සෙකන්ඩ් ඉය"

විවාහ උත්සව වලට පසුව ජගත්ලා හා රුචිරා මුණ ගැසුණ පළමුවන අවස්ථාව එය විය. සිනාහව පිරුණ මුහුණින් යුතුව දොර අසල සිටි මදක් තරබාරු නයනා වෙත සියල්ලෝම සිනහවක් පෑවෝය. රුචිරා රහසේ එරන්දිගේ සොයුරා හා නෑණා ගැන අධ්යයනයක නිරතවූවාය. නයනා අසල සිටගෙනසිටි ඔවුන්ගේ සිව්හැවිරිදි දියණිය චොකලට් එකක් තමා වෙත දිගුකරගෙන පැමිණි මාමා හට සුන්දර සිනහවක් පෑවාය.

"ගත්තට කමක් නෑ. ඔක්කොම එකපාර කන්නේ එහෙම නෑ" මවගේ සුපුරුදු විධානය පැනවිණ.

පුංචි කෙල්ලගේ මුහුණ තරමක් මැලවෙද්දී එරන්දි ඇගෙ මුහුණ සිපගත්තාය.

"තව චොකලට් තියෙනවා" නැන්දනිය ළදැරියගේ කණට කොඳුලාය.

මැලවෙන මුහුණ යලි උදෑසන හිරුදුටු මලක් සේ පිපී ගියේය.

"පොඩ්ඩා කෝ අක්කේ?" එරන්දි නයනාගෙන් විමසුවාය.

"නිදි නංගි"

"දැන් අවුරුද්දක් විතර නේද ලමයට" මාමා ඇසුවේය.

"ගිය මාසෙට අවුරුද්ද ඉවරයි"

සියල්ලෝම ගේ තුලට පිවිසියෝය.

****

ජගත් එරන්දිට වඩා වසර කීපයකින් වැඩිමහල් වූ අතර නයනා සම්පත්ට වඩා වසරක් පමණ වැඩිමහල් වූවාය. තුරුණු වියෙහි අගභාගයේ හුන් ජගත් තරමක් තරබාරුවිය. එහි සිටි සියල්ලන්ගෙන්ම උසම පුද්ගලයාද ඔහුම වූවේය. දෙදරු මවක් වූ නයනාද පිරිපුන් සිරුරකට උරුමකම් කී නමුත් අනවශ්යය ලෙස මහත්වී නොසිටියාය.

"අක්කට දැං ඉඳලම කෑම කොන්ට්රෝල් කරන්න වෙයි වගේ" ඇඟපත සෝදාගෙන සාලයට පැමිණි පවුලේ සැමගේ සතුටු සාමීචිය අතරේ කැවිලි පුරවාගත් තේ බන්දේසියක් රැගෙන ආ නයනාගේ සිරුර පුරා නෙත් හෙලූ සම්පත් පැවසීය. ඈ හට සාමාන්යය පියයුරු යුවලක් හා තට්ටම් හිමිබවට හේ තහවුරුකරගත්තේය.

"මං එච්චර මහතය?" කාන්තාවන් මහත වුවත් මහත බව ඇසීමට අකමැති බව සපතකරමින් නයනා පෙරලා විමසුවාය.

"නෑ! නෑ!! දැං ලස්සනට ඉන්නවා. වැඩිය මහත් වුණොත් කොහොම වෙයිද මංදා" නයනා විලියෙන් මුහුණ මදක් පහලට නැඹුරු කරගත්තාය.

"බැන්ඳම ගෑණු කොහොමත් මහත් වෙනවා කියලා දන්නෙ නැද්ද හලෝ?" එරන්දි නෑනාගෙ පැත්තට හේත්තුවූවාය.

"කෝ එහෙනම් ඔයත් මහත් වෙන්න එපායැ , නංගි?" ජගත් ඇද්දේ මස්සිනාටය.

"ඉවසල ඉන්නකො, ළමයෙක් දෙන්නෙක් හම්බ වෙනකොට මහත් නොවෙයිද බලන්න" නයනා වහා කිව්වාය.

"හපෝ මෙයාලා ණයතුරුස් ඉවරවෙලා ළමයි හදනකොට බැරියැ. අපේ ළමයි කසාද බඳින වයසෙ ඉඳියි"

"පරක්කු වුණාට කමක් නෑ. එහෙම හරි ගෙයක් දොරක් හදාගෙන ඉන්න එක හොඳයි අපි වගේ කුලීගෙවල්වල ඉන්නෙ නැතුව"

ඔවුන් ජීවත් වුනේ කොළඹින් සැතපුම් 25ක් පමණ දුරින් වූ මදක් ග්රාමිය පෙදෙසකය. කාමර තුනකින් යුක්තවූ තනි මහලේ නිවස හොඳින් ඉඩකඩ සහිත විය. නිවෙස් හිමියා ජගත්ගේ වැඩපලෙහි සිටි මිතුරෙක්විය. නිවැසියන් වෙනත් රටකට ගොස් ඇති අතර ඔවුනට අඩුකුලියකට නිවස ලැබී තිබිණ.

"මාත් හිතන් ඉන්නෙ බාගෙට හරි කෑල්ලක් හදාගන්න කියලා"

"අපෝ හදයි හදයි මේ කපේදී" නයනා රොස්වූවාය.

"ඇයි අයියට මහගෙදර තියෙන්නෙ" නංගි අයියට ඇද්දාය.

"ඒක දැං ගොඩක් අබලන් වෙලා තියෙන්නේ. මං හිතුවේ ඒක විකුණලා වෙනතැනකින් බාගෙට හදපු හරි ගේ කෑල්ලක් ගන්න.

"එතකොට අම්මලා?"

"එයාලට අපි එක්ක ඉන්න බැරියැ. ඒත් එයාලගෙ අදහස නැන්දලාගෙ ගෙදර යන්න. නැන්දත් තනිවෙලානේ ඉන්නෙ දැං. මහගේ විකුණුවෙ නැතත් කමක් නෑ දැම්ම. මං ගණක් ඉතුරු කරං ඉන්නෙ. හවුසින් ලොන් එකකටත් ඇප්ලයි කලා"

"ආ..!" සම්පත්හට යමක් මතක්විය. "ඒකද අයියා එදා කතාකරද්දි කිව්වෙ අපේ පැත්තෙන් පොඩි ගේ කෑල්ලක් බලන්න කියලා?"

"ඒ පැත්තෙන්?" නයනා මවිතය පලකලාය. "එතකොට මෙහෙ වැඩට එන්න කරදර නැද්ද?"

"මට තව මාස දෙකතුනකින් ප්රමෝශන් එකක් හම්බ වෙයි. එතකොට කොළඹ ඔෆිස් එකට යන්න වෙනවා" සතුටුදායක ආරංචියක් එළියට පැන්නේය.

"ඔයා හරි නරකයි, නිකමටවත් මා එක්ක කිව්වෙ නෑ" බිරිඳ අමනාප විය.

"කතාව එහෙන් මෙහෙන් තිබ්බට ඊයේ තමා තරමක් කන්ෆර්ම් වුනේ. ලෙටර් එක ගහනවා කියලා ආරංචිය ආවට තාම අතට හම්බ වෙච්ච නැති නිසා ඔයාටවත් කිව්වෙ නෑ"

"ඒ වුණත් කියන්න තිබ්බනේ"

"සම්පත් මල්ලි දන්නවනෙ ඔෆිස්වල උන්ගෙ වැඩ ගැන. කිව්වට වෙනකෙනෙක්ගෙ පුලකට ඔක්කොම වෙනස් වෙන්න පුලුවන්. හදිස්සියෙවත් හම්බ නොවුණොත් මොකටද නිකං හෝප්ස් තියාගෙන ඉඳලා තැවෙන්නෙ කියලා ලියුම අතට එනකම් හිටියේ"

"ඒකනම් ඇත්ත අයියා. ගිය අවුරුද්දේ මටත් එහෙම කෙළියක් වුණා" රහසක් එලියට පැන්නේය.

"ආ?" එරන්දිගේ කට ඇරුණි.

"ඔය පේනවනෙ" ජගත් වහා තුරුම්පුව ගැසුවේය.

"අපේ කිට්ටුව කොම්පැණියකින් ඉඩමක් කඩලා ගෙවල් සෙට් එකක් හදනවා. කොටසක් ගෙවලා වෙන්කරගන්න පුලුවන්."

"ඒවා හොඳද සම්පත්" නයනා ඇසුවාය.

"බලන්න ඕන. හොඳට කරන කොම්පැනි තියෙනවා"

"එහෙනම් අපි දෙන්න යමුද වෙලාවක බලන්න" ජගත් මස්සිනාගෙන් ඇසුවේය.

"එහෙනම් දෙගොල්ලන්ට ලඟ ලඟ සිටියෑකි"යි පවසමින් සියල්ල අසාසිටි රුචිරා රහසේම එරන්දි දෙස බලා ඉඟිමැරුවාය. සැනෙන් එහි අරුත වටහාගත් එරන්දිගෙ සියොලඟ කිලිපොලා ගියේය. සමූහය මැද තමා නිරුවත්වන බවක් ඈ හට හැඟින.

"නෑණල නෑණල වැඩිය ලඟ ඉන්නත් හොඳ නෑලූ කියනවා" ජගත් මදක් ඇහි දෙබැම ලංකොට පැවසීය.

"ඔය ඔක්කොම ඇත්ත නෙමෙයි අයියා. ඔය ඉන්නෙ දෙන්නෙක් කිරියි පැණියි වගේ" සම්පත් පැවසීය.

"නංගි තාම බැඳලා නැති නිසා ඉතිං එච්චර අවුලක් නැතුව ඇති" ජගත් සරදමට මෙන් පැවසීය. "නැතුව කොහෙද වෙන ගෑණියෙක් අපෙ නංගි එක්ක ඉන්නේ?"

"අනේ යනව යන්න" එරන්දි දිව එලියට දමා විරිත්තුවාය. "මං සම්පත්ට කියලා තියෙන්නෙ ගේ ඉවරකරනකොට නංගිටත් බැඳලා ඇවිත් එහෙ නවතින්න පුලුවන් වෙන්න හදන්න කියලා"

නයනාගේ මුහුණේ මද ඊර්ෂ්යා සහගත බවක් මතුවිය.

"ප්රමෝශන් එකට කලින් ගෙයක් හොයා ගන්න බැරිවුණොත් අයියලත් එහෙ ඇවිත් ඉන්න හොයාගන්නකම්. පුලුවන් විදියට ඉම්මු"

"බලමු, තව කල් තියෙනවනේ"

****

නිවසේ ප්රධාන කාමරයේ ජගත්, නයනා හා ළමුන් දෙදෙනා නිදාගත්හ. ඉතුරු කාමර දෙක අමුත්තන් සඳහා සූදානම් කල හැකි පරිදි සකසා තිබිණ. දෙකෙන් විශාල කාමරය සම්පත් හා එරන්දිට ලැබුණ අතර රුචිරාහට අනෙක ලැබිණ. එම දිර්ඝ සතිඅන්තයේ රාත්රී දෙකක් මෙහි නැවතීමට සැලසුම් කල එරන්දි, අයියලාගේ ගෙදර කාමර අමුත්තන් සඳහා පිලිවෙල කරන අන්දම කල් ඇතුව දැන සිටි හෙයින්, ඔවුනගෙ රහස් සැලැස්ම ද ඒ අනුව මනාව සැලසුම් කොට තිබිණ. පලවන අදියරෙහි ආරම්භය සැලසුමට අනුවම සිදුවීම සාර්ථකත්වයේ නිමිත්තක්ද?